ළමා සාරිය ඇන්දුව මල්ලිට යුරේනි දුන්න සැර උත්තරේ

යුරේනි නොෂිකා කියන්නේ කාලෙන් කාලෙට විවිධ කතාබහ මවන චරිතයක්. පසුගිය දිනවල ළමා සාරිසාරියක් නිසා ඈ තවත් ජනප්‍රියතාවයට පත් වුණා හිරුස්ටාර් හරහා දිගින් දිගටම විලාසිතා නිසා ජනප්‍රිය පත්වූ ඇයට පරිගණක තාත්ෂණය ඔස්සේ ළමා සාරියක් ඇන්දවූ පුද්ගලයකුට ඈ තම නිළ ෆේස් බුක් ගිණුම හරහා මෙවැනි ප්‍රතිචාරයක් ලබා දී තිබුණා

“මට ජීවිතේට කියල කරගන්න බැරි වැඩක් මේ මල්ලි කරල තියෙනවා .ස්තුති මට ලමා සාරියක් ඇන්දුවට.බලන්න කෙල්ලගේ සිරියාවන්තකම නේද”

කෙසේවෙතක් යුරේනිගේ විලාසිතා සහ ඇඳුම් පිළිබඳ තවත් රසියාවක් මෙසේ සටහනක් තබා තිබුණා
අප්පෝ අරයගෙ හැදියාව , ඊයා ඒ ඇඳුමේ කොට..😔

සමහරුන්ට ලස්සන ඇඳුම් ඇත, සමහරුන්ට නැත.
සමහරුන්ට ලස්සන හමක් ඇත, සමහරුන්ට නැත.
සමහරුන්ට ලස්සන සිරුරක්ඇත ,සමහරුන්ට නැත.
තවත් සමහරුන්ට ජනප්‍රිකමඇත ,සමහරුන්ට නැත.
සමහරුනට ධනය ,මිල මුදල් යාන වාහන ඇත සමහරුන්ට නැත.
සමහරුන්ට සල්ලි තිබ්බට පාටි නැත.එක්කෝ අඳින්නට ඇඳුම් නැත ,නැත්තම් ඒ ඇඳුම් ගැලපෙන්නේ නැත. එක්කෝ ඒ ඇඳුම් ඇඳගෙන යන්න තැනක් නැත.
නැත්තම් අඳින්නට අවසර නැත .

සමහරුන්ට මේ සියල්ලම ඇති අතර තවත් සමහරුන්ට මේ කිසිවක්ම නැත.😔

නැව ගිලුනත් බෑන් චූන් කියා ඉන්න ටිකේ ලස්සනට ඉන්න කැමති පිරිසක් ඇත, අනේ මේ දිරල යන ශරීරෙට මොන අටෝපද කියා වැඩි සැරසිලි නැති පිරිසක්ද ඒ අතර ඇත.

සමහරු ඉතා වර්ණවත් ලෙස සැරසීමට කැමති අතර තවත් අයෙක් වැඩිය කලර්ස් නැතිව සැරසෙන්නට කැමතිය. සමහරු වර්ණවත් අය ලස්සනයි කියා හිතනකොට තවත් සමහරු සරළ අය ලස්සනයි කියලා හිතනවා.

මේ දෙකම අතිශය පුද්ගලික තීරණයන් වගේම, ඇඳුම් පැළඳුම් සියල්ල ඔවුන්ගේ කැමැත්ත මත ඔවුන්ගේ මහන්සියෙන් ඔවුන් මිලදී ගත් දේවල් මිස අපෙන් ඉල්ලා ඇඳ පැළඳ ගත් දේවල් නොවන නිසාත් ඒ ශරීර කුඩු අයිති ඔවුන්ට මිසක් අපිට නෙමෙයි නිසාත් එලියට පෙනෙන්නේ ඔවුන්ගේ ශරීරය මිස ඔබේ හෝ මගේ ශරීර නොවන නිසාත් ඒ තීරණ ලෝකයෝ කියන ජාතියට අදාල නැත.

කව්රුන් හෝ මේ මෝස්තර වලට, මේකප් වලට, අටෝප වලට අකමැති නම් විකල්පයක් ඇත .

ඔබ ඔබේ ඇස් වසාගන්න. ඔබේ සැමියා හෝ පුතා ඒ දෙස බැලුවේ නම් ගෙදර රුපවාහිනිය වසන්න. ඒ දෙකටම ඔබට අයිතියක් ඇත. මොකද ඇස් සහ රිමෝට් ඔබ‍ට අයිති ඇත.

නමුත්, ඔවුන්ට චරිත සහතික දීමට, ඔවුන්ට ලේබල් ගැසීමට අපිට අයිති නැත.

සදාචාරය රෙද්දෙන් මනිනවානම් ගොවියාගේ අමුඩය, රෙද්ද හැට්ටය, ඔසරිය මේ සියල්ලම වෙනස් විය යුතුව ඇත .

අපේ නොලැබීම් අපේ බැරිකම්, අපේ ඇරියස් අනුන්ගේ පිට යැව්වට තේරුමක් නැත. ඔබට මේ සුන්දරත්වය, හැකියාව නැති වුවාට, ඔබ‍ට ඔබේ බිරිඳ, පෙම්වතිය මේ වගේ නොවුනාට මේ සුන්දර කාන්තාවන් පලි නැත. ඒ ජීවිත ඔවුන්ගේය.

ඔබේ තීරණ ගැනීමේ සහ ඔබේ තීරණ බල පැවැත්වීමේ සීමාව, ඔබ, සහ ඔබේ නිවසේ ගැහැණු ගැන පමණකි. රටේ ගැහැණු ගැන තීරණ ගැනීමට අප වද විය යුතු නැත ඔවුන්ගේ සදාචාරය, වැදගත්කම, හැදියාව ඔබට සහ මට වැඩක් නැත.

වැදගත්කම රෙද්දේ දිගෙන් මනින මන්ද බුද්ධිකයන්ගේ බුද්ධිය මැනීමට මිම්මක් මා දන්නේ නැත .

කෙටියෙන්ම කියනවනම්, අනුන්ගේ රෙද්දවල් නොසොයා තමන්ගේ රෙදි සෝදාගනීම මැනවි.

අප්පෝ ඔහොම කියන්න එපා, මේවා මේ නාලිකා වල වැඩ, ඒ ඇඳුම කැතයි,.. කියා රෙදි උස්සන් මට බැන්නට වැඩක් නැත, මේ මගේ අදහස. ඔබේ අදහස මගේ අදහස විය යුතුද නැත. ළමයිනුත් tv බලනවා.. අරවා මේවා කියන අයට වෙන්නේ තමන් වගේම ළමයිනුත් ළිං ගෙම්බෝ වගේ ඔය ඉන්න තැන්වලම තියන්න තමයි, විභාගයකටවත් පිටරටකට එහෙම යවන්න එපා. ඔයාලගේ ළමයි නරක් වෙයි. මොකද ඒවෑ ඔව්වා හරි සාමාන්‍ය දේවල්.😂

අපි කැමති උනත් නැතත්, අපිට ගැලපුනත් නැතත්, ඔයාට ඒ ඇඳුම ලස්සනයි, ඒ ඇඳුමට ඔයත් ලස්සනයි..එච්චරයි ❤❤

අනිශා ජයකොඩි ✍️
(උපුටාගැනීම – යුරේනිගේ නිළ ෆේස් බුක් පිටුව)

ඇගේ සටහන වෙනුවෙන් යුරේනි තම ස්තූතිය පුදකොට තිබුණා. කෙසේවෙතත් යුරේනි කියන්නේ ශ්‍රී ලංකාවේ නම රැන්දූ නිරූපණය ශිල්පිනියක් ,නිළියක් වගේම නිවේදිකාවක්. ඇයගේ මේ අලංකාර නවතම ඡායාරූප ගොන්න අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඇයට ද සුබ පතමින්.