
ඉරාජ් වීරරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස් වීමට හේතුව තමන් විසින් කළ කනේ පහර එල්ල කිරීම යැයි පළවන සමාජ ජාල වාර්තා ප‍්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ. ඩේලි මිරර් වෙබ් අඩවියට අදහස් දක්වමින ඔහු මෙසේ පවසා ඇත. එහිදී යෝෂිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ඉරාජ් වීරරත්න මහතා සමග තමාගේ කිසිදු සම්බන්ධයක් නො මැති බවයි. තමන් ඉරාජ් වීරරත්න අවසන් වරට දුටුවේ කලකට පෙර උත්සවයකදී බව ද ඔහු තවදුරටත් කියා තිබේ. මෙසේ පවසන යෝෂිත රාජපක්ෂ මහතා අවධාරණය කරන්නේ ඉරාජ් ගේ ඉල්ලා අස්වීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.