
යොහානි ද සිල්වා සහ සතීෂාන් රත්නායක විසින් ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතයට අමිතාබ් බච්චන් රඟපෑ කලියා චිත්‍රපටයේ “ජහාන් තෙරි යේ නසාර් හේ” ගීතයේ වීඩියෝව සමග සංස්කරණය කර මුදා හැර ඇති වීඩියෝව සම්බන්ධයෙන් බොලිවුඩ් සුපිරි නලු අමිතාබ් බච්චන් විසින් ට්විටර් පණිවිඩයක් මුදා හැර තිබේ.
මෙම සංස්කරණය සිදු කරන ලද්දේ තම මිණිපිරිය වන නව්‍යා නවේලි බවත් මෙම ගීතය විශිෂ්ඨ ගණයේ ශ්‍රී ලාංකීය නිර්මාණයක් බවත් රාත්‍රීය පුරාම මෙම ගීතය රස වින්ද බවත් එම පණිවිඩයේ පවසනවා.
එම පණිවිඩිය පහතින්.