
බ්‍රිතාන්‍ය ස්වභාවික විද්‍යා කෞතුකාගාරය විසින් සංවිධානය කරනු “Wildlife Photographer of the Year” තරගයේ ක්ෂිරපායි අංශයේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත්වුණු ඇය බුද්ධිලිනි ඩී සොයිසා. මෙම තරගාවලියේ ශ්‍රී ලාංකික දියණියක් සම්මානනීය වීම අපට විශාල ආඩම්බරයක්. ලෝකයේ සෑම වනජීවි ඡායාරූප ශිල්පියකුගේම සිහිනයක් වන මෙම ඡායාරූප තරගයට බුද්ධිලිනී යොමු කරන්නේ චීටාවන් පස්දෙනකුගේ වික්‍රමයක්.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දෙසෙන ඇය බැංකු ක්ෂත්‍රයේ රැකියාවක නිරතවෙනවා. විනෝදාංශ ලෙස වනජීවි ඡායාරූපකරණය තෝරාගත් ඇය ඉඩ ලැබුණු සැනෙන් ලෝකයේ රටවල සංචාරය කරමින් ඡායාරූප එක් කරනු ලබනවා. ඇයගේ ජිවිතය සමඟ සංචාරය බද්ධව පවතිනවා.
A Great Swim ලෙස නම් කළ මෙම ඡායාරූප පෙළ ඇයගේ කාචයට මුණගැසී ඇත්තේ 2020 ජනවාරි මුල් භාගයේදී. කෙන්යාවේ මසායි මාරා වනෝද්‍යානයේ දී. මසායි මාරා මැද තිබෙන “මාරා තලේක්” ගංඟාව ජලයෙන් උතුරා පිටාර ගලමින් තිබෙන මොහොතක. ඒ වෙලාවේ තමයි මේ රූප පෙළ ඇය හසුකොට ගන්නේ. ඒ මොහොතේ මසයි මාරා වන උයනට කවදාවත් නොමැති ලෙස වැසි ඇද වැටෙමින් තිබුණා.
මේ වැසි මැද උතුරා පිටාර ගලන ගංගා ඉවුර වෙත පැමිණි චීටාවන් පස් දෙනාගෙන් එකිනෙකා ගංගාවේ පිහිනා එන දසුන තමයි ඈ ජයග්‍රහණය කරා ගෙන ගියේ.මේ දසුන් පෙළ නැවතත් කිසිවකුට ගන්නට අවස්ථාව නොලැබෙන තරමට දුලබයි.
ලොව ප්‍රථම පිරිමි චීටා පස් දෙනාගේ පිහිනුම් වික්‍රමය තමා මේ ඡායාරූපවල තිබෙන්නෙ. මාරා තලේක් ගංගාවෙන් එගොඩ වීමට එම ජවසම්පන්න චීටාවන් පස් දෙනා කළ වික්‍රමය කලාත්මකව දුටු බුද්ධිලිනීටත් මේ අසිරිමත් දසුන් පෙළ ජයග්‍රහණය ගෙන ආවා. බුද්ධිලිනී තෙවෙනි ඇසට හසුකරගත් ඒ අසිරිමත් අමරණීය ඡායාරූප පෙළ සමඟ අපි මේ ශ්‍රී ලාංකේය දිරිය දියණීට සුබ පතමු.
