
පසුගියදා සෙල්ල කතරගම, ගෝතමීගම විදුලි වැට සම්බන්ධ වන ස්ථානයේදී ඝාතනය කළ වල් අලියාගේ ඝාතකයන් සොයා පරීක්ෂණ දිගටම පැවැත්විනි. මෙම වල් අලියා ඝාතනය කිරීමෙන් පසු හිස දැතිකියතකින් කපා දමා ඇති අතර පණුදල යුගලයද ගලවාගෙන ගොස් තිබිණි. අලියාගේ වලිගයේ කෙඳි සහිත කොටසද ඔවුන් වෙන් කර තිබිණි. වනජීවී දෙපාර්තමේන්තුව හා පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ තුනක් පැවැත්වීමට කටයුතු කළ අතර එහිදී අලියා ඝාතනය කිරීමට සම්බන්ධ ගිනි අවිය අයිතිකාරයා යැයි කියන පුද්ගලයාගේ කට උත්තරයක් ගැනීමද සිදුවිය. කෙසේ වෙතත් අද (18) දින පෙරවරුවේ තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් කතරගම දඹේ ප්‍රදේශයේ දී වල් අලියා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගත් අතර ඔහු සන්තකයේ තිබී ගිනි අවියක් සහ ඇත්දල සොයා ගැනීමට පොලිසිය සමත් විය. පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරු 19 දින තිස්සමහාරාම මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.