ප්‍රදේශ රැසකට තද වැසි

පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්වයක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (21) සහ හෙට (22) දිනවල තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මධ්‍යම, සබරගමුව උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන බවද හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ඔහු පැවසීය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

උපුටා ගැනීම – www.newsi.lk