කෑගල්ලටයි හල්දුම්මුල්ලටයි අනතුරු ඇඟවීම්..

කෑගල්ලටයි හල්දුම්මුල්ලටයි අනතුරු ඇඟවීම්..

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නාය යාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවිම් නිකුත් කර තිබේ.

වර්ෂාව තවදුරටත් පැවතුනහොත් නාය යෑමේ, ගල් පෙරළිමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානම පිලිබඳ විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී

අනතුරු ඇගවීම් හෙට පසුවරු 2. 30 දක්වා බල පැවැත්වෙන අතර පසුගිය පැය 24 තුළ එම ප්‍රදේශවලට මිලි මීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක් ඇදහැලිනි.