වනිඳු සහ දුෂ්මන්තට IPL යන්න අනුමැතිය

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන දෙවන කොටස සඳහා ක්‍රීඩා කිරිමට වනිඳු හසරංගට සහ දුෂ්මන්ත චමීරට ශ්‍රී ලංකා ක්‍රිකට් අනුමැතිය හිමිවී තිබෙනවා.

අයි. පී. එල් තරඟාවලියේ දෙවන කොටස සැප්තැම්බර් 19 වන දා ආරම්භ වන අතර, ඔක්තෝබර් 15 වනදා දක්වා පැවැත්විමට නියමිතයි.

ඔවුන් නැවතත් ඔක්තෝබර් 10 වනදායින් පසු ශ්‍රී ලංකා සංචිතය සමග එක්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කලේ.

බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම පසුගියදා නිවේදනය කලේ වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර සමග කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කල බවයි.