එන්නත් කටු වලට බය අයට නව කොරෝනා එන්නතක්

සිරින්ජර සහ එන්නත් කටු භාවිතා කරමින් එන්නත් විදීමට මැලිකමක් දක්වන පුද්ගලයන් වෙනුවෙන් සුදුසු කොරෝනා එන්නතක් නිෂ්පාදනය කිරීමට ඉන්දියාව සමත්වී තිබේ. “සයි-කොව්-ඩී” නමින් හදුන්වා දී ඇති එම එන්නත එන්නත් කටු භාවිතයෙන් තොරව සම මත තෙරපීමෙන් සිරුරට අවශෝෂනය කර ගැනෙන බවටයි සඳහන් වන්නේ.

ලොව ප‍්‍රථම DNA එන්නත වන එය කොරෝනා ආසාදනයට එරෙහිව 67% ක රැකවරණයක් සලසන අතර එය ඉන්දියාවේ ළමයින් සදහාද භාවිතා කිරිමට අනුමත කර තිබේ. අනෙකුත් කොරෝනා එන්නත්වලට සාපේක්ෂව එය අඩු ශක්‍යතාවක් වූවත් සයි-කොව්-ඩී එන්නත නිෂ්පාදනය කිරීම සහ ගබඩා කිරීම පහසු බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.