20ට වැඩි අයට හෙට සිට එන්නත්

අවුරුදු 20ට වැඩි ජනතාවට හෙට සිට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම දිස්‍ත්‍රික් 4කදී සිදුකිරීමට නියමිත බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි.
කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල දිස්ත්‍රික්වල මෙම වයස් ඛාණ්ඩයේ පුද්ගලයන් සඳහා දැනට පවතින එන්නත් මධ්‍යස්ථාන තුළම එන්නත ලබාදෙනු ඇත.

මීට අමතරව කොළඹ විහාරමහාදේවි උද්‍යානය, බත්තරමුල්ල දියත උයන හා පනාගොඩ යුද හමුදා කදවුර යන ස්ථානවල එන්නත් මධ්‍යස්ථානවලදී ද එම වයස් ඛාණ්ඩවල පිරිස සඳහා එන්නත්කරණය සිදුකෙරේ.

Scroll to Top