ජගත් මානව හිමිකම් සැසිය අද ඇරඹේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙරට වේලාවෙන් පස්වරු 1.00 ට පමණ එම සැසිය ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ සංහිදියාව හා මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබද යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් මිචෙල් බැචලේ විසින් එහිදී වාචික වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇති බවයි වාර්තා වන්නේ. ඒ පිළිබඳ සාමාජික රටවල විවාදය හෙට පැවැත්වෙන අතර මෙම සැසිවාරය ඔක්තෝබර් 8 වැනි දා දක්වා පැවැත්වෙනු ඇති.