අලුත් ඩෙල්ටා ප්‍රභේද තුනක් ලංකාවේ

ශ්‍රී ලංකාව තුළ පැතිරෙමින් ඇති කොරෝනා වසංගතයේ කොවිඩ්-19 වෛසරයේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මේ වන විට හඳුනාගෙන තිබේ.

SA 222V, SA 701S සහ SA 1078S යන ජාන කේතයන්ගේ වෙනසක් මෙරට ඩෙල්ටා ප්‍රභේදය තුළින් දැකිය හැකි බව ද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියයි. අද (17) පාර්ලිමේන්තුවේ දී කොවිඩ් තත්ත්වය පිළිබඳ කරුණු දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව හෙළි කළේය.

ඇතැම් විට කොවිඩ් රෝගය පැතිර යෑම ඉහළ යෑමට එය හේතුවක් විය හැකි බවද චන්න ජයසුමන මහතා පැවැසීය.

මීට පෙර පැවති ප්‍රභේදයන්ට වඩා මේ වනවිට පවතින ඩෙල්ටා ප්‍රභේදය සියයට 60 – 70ත් අතර වේගයකින් පැතිර යන බවද ඔහු කියාසිටී.

Scroll to Top