කුවේටයට යන ශ්‍රී ලාංකිකයින්ට තෙවන මාත්‍රාවක්

කුවේටයේ රැකියා සදහා යාමට අපේක්ෂාවෙන් සිටින සයිනොෆාම් එන්නත ලබා ගත් මෙරට ශ්‍රමිකයන් සදහා තෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට ඉදිරියේදී පියවර ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. 

කුවේට් රජය එරට තුළ අනුමත කර ඇත්තේ ෆයිසර්, කොවිෂීල්ඩ් මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් පමණයි. ඒ අනුව කුවේටයේ රැකියා බලා පිටත්ව යාමට සූදානමින් සිටින සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ට ෆයිසර් එන්නත 3වන මාත්‍රාව ලෙස ලබාදීමට  අවධානය යොමුව තිබෙනවා.