තිළිණි ප්‍රියමාලි එ.ජා.ප යෙන් දේශපාලනයට ?

තිළිණි ප්‍රියමාලි එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලන දිවියට එක්වීමට සූදානම් බව ආරංචි මාර්ග පවසයි. පසුගියදා ඇයගේ වත්තල නිවෙසේ එ.ජා.පයේ ප්‍රබල දේශපාලකයින් කිහිප දෙනකු මේ පිළිබඳ සාකච්ඡා පවත්වා ඇත.එහිදී තිළිණි ප්‍රියමාලි දේශපාලනයට සම්බන්ධවීම සහ ඇයගේ ඉදිරි දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.මෙම සාකච්ඡා පූර්ණ එකඟතාවකින් තොරව නිමාවී ඇති අතර බොහෝවිට තිළිණි ප්‍රියමාලි ඉදිරි මාසයේදී දේශපාලන පිටියට ප්‍රවේශවීමට සැලසුම්කොට තිබේ.ප්‍රබල දේශපාලකයන කිහිපදෙනකු මෙම ක්‍රියාවලිය සඳහා ඇයට උපදෙස් ලබාදෙන බවද දැනගන්නට තිබේ.