පොලිසියේ නවත්වා තිබු පොලිස් බයික් එකත් හොරු අරන් ගිහින්

නවගමුව පොලිස් ස්ථානය ඉදිරිපිට නවතා තිබු එම පොලිස් ස්ථානයට අයත් නිල යතුරුපැදියක් කිසිවකු සොරාගෙන ඇති බව වාර්තා වේ.

මෙම අදාළ යතුරුපැදිය පොලිස් දෙපාර්තුමේන්තුව විසින් නවගමුව පොලිස් ස්ථානයේ සේවය කරන නිලධාරියකුට ලබා දු තිබු යතුරුපදියකි.

මේ සම්බන්ධව අදාළ පොලිස් නිලධාරියා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

සිසිටිවී දත්ත අනුව කිසිවෙකු විසින් යතුරුපැදිය පැහැරගෙන යන ආකාරය දක්නට ලැබී ඇති අතර ඒ මත පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.

උපුටා ගැනීම – www.balaya.lk වෙබ් අඩවය