ඩ්‍රෝනයක් සමඟ චීන්නු දෙදෙනා අත් අඩංගුවට

ඩ්‍රෝනයක් සමඟ චීන්නු දෙදෙනා අත් අඩංගුවට

චීන ජාතිකයින් දෙදෙනකු විසින් අවසරයකින් තොරව මහනුවර, ශ්‍රී දළදා මාලිගාව අවට ආරක්ෂිත කලාපයේ වැව රවුමේදී ඩ්‍රෝන යානයක් ගුවන්ගත කිරීමට උත්සහ කළ අවස්චීථාවේදී පොලිසිය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වෙතත්, එහි මාලිගාව හෝ ආශ්‍රිත ආරක්ෂිත කලාපයේ කිසිවක් නොතිබීම නිසා ප්‍රශ්න කිරීමෙන් පසු අවවාද කර මුදාහැර තිබේ. එමනිසා ඔවුන් දෙදෙනාට එරෙහිව නීතිමය පියවර නෙගැනීමට පොලීසිය තීරණය කර තිබේ.

මහනුවර පොලිසියේ සංචාරක පොලිස් ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.