
2017 සැප්තැම්බර් පළවෙනි ඉරිදා රාත්‍රිය කියන්නේ ලෝකයේ කැසිනෝ වලට ප්‍රසිද්ධම නගරය වන ඇමරිකාවේ ලාස් වේගාස් නුවරට සුන්දර රාත්‍රියක් වෙලා තිබුණා. එදා කැසිනෝ වලට සුප්‍රසිද්ධ මැන්ඩෙලා බේ හෝටල් පරිශ්‍රයේ එළිමහන් උද්‍යානයක country music සංදර්ශනයක් පැවැත්වුණා. මේ සංදර්ශනයට ඇමරිකාවේ තරුණ තරුණියන් දහස් ගණනක් ලාස් වේගාස් වලට ආවේ එදින රාත්‍රිය සුන්දර රාත්‍රියක් කරන්න ඕනෑ නිසාමයි. සවස් යාමයේ ආරම්භ වුණු සංගීත සංදර්ශනය එක දිගට රාත්‍රී දහය පමණ වනතුරු උත්සවාකාරයෙන් පැවැත්වුණා. පෙම්වතුන්, පෙම්වතියන් ,තරුණ තරුණයින් විතරක් නෙවෙයි ඒ මොහොතේ එතැනට පැමිණි සිටි හැමෝම සංගීතයෙනුත් මත්වෙලයි හිටියේ.
ඒත් ඒ සතුට නැතිවෙන්න සුළු මොහොතයි ගතව ගියේ. නටමින් විනෝද වෙමින් සිටි පිරිස අතරට වෙඩි වරුසාවක් පතිත වෙන්න පටන් ගත්තෙ හිතාගන්නවත් බැරි විදියට. වෙඩි හඩත් එක්ක එක්ක සියල්ලෝම ඔළුවේ හතර දුවන්න පටන් ගත්තෙ තමන්ගෙ පන බේරා ගැනීමේ සිතිවිල්ලෙන්. මේ කෙටි කාලය ඇතුළත තමා සමඟ සිටි පෙම්වතා පෙම්වතිය මිතුරා මිතුරිය වෙඩි වැදී වෙඩි වැදී හුස්ම ඉවකරන්නට පටන් ගත්තා. තවත් සමහරෙක් එකිනෙකා බදාගෙන දෙවියන් යදිමින් උන්නා.
රුධිරයෙන් තෙත්වුණු මැන්ඩෙලා බේ…
මැන්ඩෙලා බේ හෝටල් පරිශ්‍රය රුධිරයෙන් තෙත්ව යන්න ගතව ගියේ විනාඩි තුනක පමණ කෙටි කාලයක් පමණයි. මේ මොහොතේ ක්‍රියාත්මක වනු las vegas පොලිසිය මැන්ඩෙලා බේ හෝටලය වැටලීම ආරම්භ කළා. වෙඩිහඬ ආපු ගොඩනැගිල්ලට ඇමෙරිකානු විශේෂ කාර්ය බළකාය ඇතුළු වෙන්න පටන් ගත් සැනින් වෙඩික්කරුවා උන් කාමරය හොයාගන්න ඔවුනට ගතව ගියේ සුළු මොහොතයි. දොර කඩාදමා කාමරයට ඇතුළු වනවාත් සමගම වෙඩික්කරු ඔලුවට වෙඩි තියා ගෙන සියදිවි හානි කරගෙන තිබුනා. ඒ මොහොත වෙනකොට ජීවිත විස්සක් පමණ මෙලොව හැර ගිහින් අවසන්. සියයකට වැඩි පිරිසක් las vegas රෝහලට ඇතුල් කිරීමෙන් පසු, බරපතල ලෙස වෙඩි වැදුණු අයගේ ජීවිතය බේරගන්න වෛද්‍යවරු හෙදියෝ අඛන්ඩ උත්සාහයක නිරතවුණා.
එහෙත් පසුවදාට හිරු උදාවන විට ජීවිත 59ක් නාදුනන තුවක්කුකරුවා විසින් ඩැහැගෙන තිබුණා. තුවාලකරුවෝ 500කටත් වැඩි පිරිසක් වේදනාව උහුලමින් ජීවිතය බේරා ගන්න උත්සාහ කලා. මේ වෙඩි වරුසාවට මැදිවෙලා මිය ගිය බොහෝ අය අවුරුදු විසිගණන්වල තරුණ තරුණියන්. කොහොම වුණත් සදුදා උදෑසන වන විට මුළු එක්සත් ජනපදයම බියට පත්ව අවසන්. මුළු ලෝකයම බලන් හිටියේ ලෝකයේ හොඳම ආරක්ෂාව තියෙව ඇමරිකාවට මොකද මේ වුණේ කියලා.
ඒ වෙනකොටත් ඇමෙරිකාවේ රහස් පොලිසිය (F.B.I) වෙඩික්කරුගේ තොරතුරු හොයාගන්න සමත්වුණා. ඔහු නමින් ස්ටෙෆාන් පැඩොක්. වයස අවුරුදු හැට හතරයි. මොහු ඇමරිකාවේ සිටින සුපිරි කෝටිපති ව්‍යාපාරිකයෙක්. මේ අතරතුර ස්ටෙෆාන් සමග සිටි ආසියානු කාන්තාවක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගත්ත සමත් වුණා. නමුත් මේ සමූහ ඝාතනය සම්බන්ධව ඇයගේ කිසිම සම්බන්දයක් පැවතියේ නෑ. පොලිසිය තවදුරටත් ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු හොයමින් ඉන්න අතර මුළු ලෝකයම බියට පත්වන්නට සමත්වුණේ ISIS ත්‍රස්තවාදීන් නිවේදනයක් නිකුත් කිරීමත් සමඟයි. “ප්‍රහාරයේ වගකීම තම සංවිධානය බාර ගන්නා බවත් වෙඩික්කරු මීට මාස තුනකට පෙර ඉස්ලාම් ආගමද වැළඳගත් බවයි.
ත්‍රස්තවාදී සබඳතා…

නමුත් FBI එක පැවසුවේ මෙම ප්‍රහාරයට කිසිම ජාත්‍යන්තර ත්‍රස්තවාදී කණ්ඩායමක් මූලික වෙලා නැහැ කියලයි. මේ බව ඔවුන්ගේ වැඩිදුර පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. මේ අතරතුර ඔවුන්ට සැකයක් මතුවෙන්නේ ඔහු කිසියම් මානසික රෝගයකින් පෙළෙන්නට ඇති බවටයි. නමුත් ඒ කාරණාව ද බොරුවක් බවට පත්වුණු පසු ඔවුන් තවදුරටත් ඔහු සම්බන්ධයෙන් රහස් පොලිස් විශේෂ විමර්ශන පැවැත්වීමට කටයුතු කරනවා.
ඒ අතරතුර ඔහු නැවතිලා හිටිය හෝටල් කාමරයේ තිබිලා මැෂින් තුවක්කු දාසයක් සහ වෙඩි උන්ඩ විශාල ගණනක් සොයා ගන්නා අතරම රහස් පොලිසිය ඔහු පදිංචි නිවසක් හොයාගෙන එම පරීක්ෂණවලදී ද විශාල ආයුධ ගණනාවක්ම සොයාගන්නවා. කොහොම වුණත් FBI එකට මේ ප්‍රහාරය ලොකු අභිරහසක් වෙනවා. විශේෂයෙන්ම කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමක අනුග්‍රහයක් නොමැති වීම සහ ඔහු උපතින්ම ඇමරිකානු ජාතිකයෙක් වීම නිසා විශාල ගැටලු ගණනාවක් පැන නගිනවා. පරීක්ෂණ වැඩි දුරටත් ක්‍රියාත්මක වෙද්දී මේ අතර වාරයේ රහස් පොලිසියට විශේෂ යමක් සොයා ගන්නට පුලුවන් වෙනවා.ඒ ස්ටෙෆාන් නවාතැන් ගෙන සිටි හෝටලයේ ස්ථාන කිහිපයකම CCTV කැමරා සවි කරලා තියෙන අයුරුයි.
ඔහු මේ විදිහට කැමරා සවි කරලා තියෙන්නේ වෙඩි තැබීම ආරම්භ කිරීමට ප්‍රථමව ආරක්ෂක අංශ නිලධාරීන් පැමිණෙන්නේ දැයි සොයා බැලීමට විය හැකි බවයි පොලිසිය පවසා සිටියේ. හෝටලය කොරිඩෝවේ දෙපැත්තෙන් කාමරයේ දොර මුහුනතේ සූක්ෂම ලෙස කැමරා සවි කරලා පැවතීම සංවිධානාත්මකව සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කරේ. මේ විදියෙ සංවිධානාත්මක වැඩපිළිවෙලක් මඟින් පෙනී යන්නේ ස්ටෙෆාන් මෙම සමූහ ඝාතනය බොහෝ පිළිවෙලකට සැලසුම් සහගතව කරපු දෙයක් බවයි.
පොලිසියේ මතය කෙසේ වුනත් මේ අභිරහස් ප්‍රහාරයේ සුල මුල හොයාගන්න FBI එකට මූලික අවස්ථාවේදී හැකියාවක් ලැබුනෙ නෑ. ඝාතකයාට තුවක්කු ළඟ තබාගන්න ඇමරිකානු ආරක්ෂක අංශයෙන් නිකුත් කරපු බලපත්‍ර පැවති අතර ඝාතකයා විනෝදයක් ලෙසින් සතුන් ඝාතනය කර තිබෙන බවත් සඳහන් වනවා. ඇමරිකාවේ ලෝක බැංකුවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට පසුව ඇමරිකාවේ සිදු වූ විශාලතම සමූහ ඝාතනය මෙය බවයි රහස් පොලීසිය පෙන්වා දෙන්නේ. කෙසේ හෝ අහිංසක තරුණ ජීවිත ගණනාවක් ම මේ අමානුෂික ප්‍රහාරයෙන් අහිමිව යනවා. නමුත් මුළු ලෝකයම ප්‍රශ්න කළ එක් දෙයක් වූයේ ලෝකයේ හොඳම ආරක්ෂාවක් පවතින ලෝක පොලිස්කාරයාගේ අඩවියෙත් මෙවන් දෑ සිදුවන්නේනම් නම් අනෙක් රටවල් සම්බන්ධයෙන් කවර කතාද යන්නයි.
