
පොලීස් ස්ථානාධිපතිවරයාට සහ සැරයන්වරයකුට පහර දීමේ සිද්දියක් කපුගොල්ලෑවෙන් වාර්තා වේ. සිද්ධියට හේතු වී ඔවුන්ගේ නිවසේ තිබෙන කැසට් යන්ත්‍රය අධික ශබ්දයක් නැගෙන අයුරින් ක්‍රියාත්මක නොකරන ලෙස අවවාද කිරීමයි.
මේ අයුරින් පහරදී ඇත්තේ එකම පවුලේ සහෝදරයන් වන අතර,17 හැවිරිදි පාසල් සිසුවකු ඇතුළු සහෝදරයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට කපුගොල්ලෑව පොලීසිය පරීක්ෂණ පවත්වයි.