
ගම්පොළ, වැලිගල්ල- ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක් වන ෆාතිමා මුනව්වරා දින 6ක් පුරා අතුරුදන්වී සිටි අතර ඇයගේ සිරුර අද (13) පෙරවරුවේ ඇයගේ ඥාතීන් විසින් හඳුනාගෙන තිබුණි.
ඇය පිළිබඳව කිසිදු තොරතුරක් සොයගැනීමට නොහැකිවූයේ පසුගිය ඉරිදා සිටය. එසේ ඇය අතුරුදන්ව ඇත්තේ සිය සේවා ස්ථානය වෙත ගමන් කරමින් සිටියදී වන අතර අතුරුදන්වීම සම්බන්දයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කිරීමෙන් පසු, සැකපිට ප්‍රදේශයේ එළුවන් බලාගැනීමේ රැකියාවක නිරතව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු පොලීසියට ප්‍රකාශ කර තිබුනේ, තමා තරුණියට අතවර කිරීමට උත්සාහ කළද තරුණිය ඊට එරෙහිව වීම හේතුවෙන් ඇයව කැලෑවට ඇදගෙන ගොස් ඝාතනය කර වළදැමූ බවය.