
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ටී 56 ගිනි අවියකින් පුද්ගලයකුට වෙඩි තැබිමට උත්සාහ කර ඇති අතර එය ව්‍යර්ත වීමෙන් පසු ඔවුන් පලාගොස් ඇතැයි මිදිගම පොලිසිය පවසයි.
අහංගම, මිදිගම, වැකඩ පදිංචි මෙම පුද්ගලයා රාත්‍රි අටට පමණ වෙළඳසල තුල සිටියදි වෙඩි තැබිමට උත්සාහ කර ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවූ අතර වෙඩික්කරු ටී 56 ගිනි අවියද රැගෙන පලාගොස් ඇතැයි වාර්තාවේ .
මෙසේ ඉලක්කයට ලක් වූ පුද්ගලයා නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නිදහස් නොකරන ලෙසට බල කරමින් කොළඹ සහ මිදිගම පැවති විරෝධතා සංවිධානය කරන ලද පුද්ගලයා බවද පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.