
අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකු ඝාතනය කර දෙදිනක් සැහවී සිට විදෙස්ගත වීම සඳහා පැමිණි සැකකරුවකු කටුනායක ගුවන් තොටුපොලේදී අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය ප්‍රකාශ කරයි.
සැකකරු පිළිබඳව කටුනායක ගුවන් තොටුපොළ පාලකවරයාට මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම නිසා සැකකරු මේ ආකාරයට අත් අඩංගුවට පත්විය.
සැකකරු අතින් ඝාතනයට ලක් වූයේ තම මිතුරකු වන අම්බලන්ගොඩ හිරේවත්ත පදිංචි ආර්.ජේ.රොෂාන් කුමාර නමැති හතලිස් දෙහැවිරිදි තිදරු පියෙකි. කතා බහක් දුරදිග යාමෙන් මේ ඝාතනය සිදුවී ඇති බවද පොලීසිය කියයි.