ලෝකෙ වටේ යන තට්ටු දෙකේ ඉස්කෝලේ

මාධ්‍යවේදී, නවකතා රචක ලලිත් රෝහිත එදිරිසිංහ නිර්මාණය කළ ‘තට්ටුදෙකේ ඉස්කෝලේ‘ සිනමා පටය අගෝස්තු මාසයේ ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ නගර 24ක ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

සූරිපපාලුව නම් ගම්මානයක පාසලක් කේන්ද්‍රකොටගත් මෙම කතාන්දරය දරුවන්ට මෙන්ම වැඩිහිටියනටද පූර්වාදර්ශයක් සපයයි.

මෙහි රංගන දායකත්වයජගත් චමිල, දමිතා අබේරත්න, මංජුලා කුමාරි, ජනක් ප්‍රේමලාල් , තරුෂි සුරම්‍යා, වොල්ගා කල්පනී, සූර්යා දයාරුවන්, අනුරාධා එදිරිසිංහ, ප්‍රියන්ත සිරිකුමාර, නයනා හෙට්ටිආරච්චි, අංජලී ලියනගේ, ශෙල්ටන් කැකුණවල, ෆර්නි රෝෂිනී, නෙතලි නානායක්කාර, අයෝධ්‍යා දක්ෂිකා, ජයන්ත වාසල, මෞලි දුෂ්මන්ත, චමීර ලියනගේ සහ ජීවන්ති චරිත මවන මෙම චිත්‍රපටයේ ප්‍රධාන ළමා චරිත නිරූපණය කරනු ලබන්නේ සුදම් කටුකිතුළේ, ලංකානාත් රන්දීප, රවීශා දිව්‍යාංජලී, පහන්‍යා තරුදිසි, කේෂානි දෙව්මිණි නාකන්දල, මහීෂා නෙතාරා, ගවීෂා දිව්‍යාංජලී පෙරේරා, ආකාශ් ක්‍රිශාන්, දුලන්සා සයුන්දි, පන්සිළු පවන්, ඉමාෂ් ලක්ෂාන්, සහේන් ගුණතිලක, නික්ලේෂ් සමරසේකර, නදීෂා මල්ෂානි, කවීෂා නෙත්මිණි විසිනි.

මයුර කාරියවසම් කැමරා අධ්‍යක්ෂණයෙන්ද, සුනෙත් නන්දලාල් කලා අධ්‍යක්ෂණයෙන්ද හැඩකරන තට්ටු දෙකේ ඉස්කෝලේහි අංගරචනා ශිල්පියා ලෙස කටයුතු කරනු ලැබුවේ උහාන් ඕවිටය. ජයන්ත අබේරත්න සහ අමිල ප්‍රේමරත්න සහය අධ්‍යක්ෂවරු වෙති. තට්ටුදෙකේ ඉස්කෝලේ උපුල් වසන්ත නිෂ්පාදන කළමනාකරණයෙන්ද සුජීවා ප්‍රියන්ති, දිනේෂ් විජේසිංහ සහකාර නිෂ්පාදන කළමනාකරණයෙන්ද දායක වෙති. ප්‍රවීන් ජයරත්නගේ සංස්කරණයෙන් හැඩවන තට්ටුදෙකේ ඉස්කෝලේ හි සංගීතය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ජගත් රස්නායක විසිනි. මෙම චිත්‍රපටයේ ප්‍රචාරණ සැලසුම් cats විසින් සිදුකරනු ලබන අතර තට්ටුදෙකේ ඉස්කෝලේ නිෂ්පාදනය වෛද්‍ය නිශාන්ත රොද්‍රිගු විසිනි. සම්බන්ධීකරණය නිලන්ත කන්නන්ගර සහ තාරක කාරියවසම්ගෙනි. ‘මානව භක්තියේ නිර්මල ගුරුගීතය‘ ලෙස නම්කොට ඇති තට්ටු දෙකේ ඉස්කොලේ අගෝස්තුවේ ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ප්‍රදර්ශනය අරඹනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *