ඉන්දියාවේ තෙලිඟු ජයග්‍රහණය නාටු නාටු

RRR තෙළිඟු චිත්‍රපටයේ ‘නාටු නාටු’ ගීතය 95 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී පසුගියදා සම්මානයට පාත්‍ර වූයේ ඉන්දියානු චිත්‍රපට රසිකයන් පමණක නොව ලෝක වාසී චිත්‍රපට රසිකයන් අමන්දානන්දයට පත් කරවමිනි. එය ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු ඉන්දියානු චිත්‍රපට ගීතය වේ.
තෙළිඟු බසින් “නටන්න, නටන්න” ලෙස අදහස් කරන මෙම උද්යෝගීමත් ක්‍රියාශීලි රිද්මය, පසුගිය වසරේ එක්සත් ජනපදයේදී චිත්‍රපටය එළිදැක්වීමෙන් පසු ලෝකයේ ම කතා බහට ලක්වූ මාතෘකාවක් විය.


ර්නතනය මඟින් බ්‍රිතාන්‍ය නිලධාරියෙක් දණගස්වන නිදහස් සටන්කාමීන් දෙදෙනකුගේ “සටන් දර්ශනයක්” ලෙස නිර්මාණය කර ඇති ගීතය ඉතා ජවසම්පන්න, කලාත්මත සුරුවකින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමට එහි නිර්මාණකරුවන් සමත් වී තිබේ. Rise, Roar, Revoltයන වචනවල කෙටි යෙදුම වන RRR,යනු ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ව සටන් කරන විප්ලවවාදීන් දෙදෙනෙකුගේ කතාව පැවසෙන ඓතිහාසික කතාන්දරයකි.

සෑම ඉන්දියානුවෙක්ගේ ම ආඩම්බරය…


නාටු නාටු ගීතයේ තාලය සහ නර්තන නිර්මාණය ලොව පුරා රසිකයන් ආකර්ශනයට ලක්ව තිබෙන අතර එය තෙළිඟු කතා කරන ප්‍රාන්තවල නිතරම යොදාගන්නා ජන ගී සහ ග්‍රාමීය පසුබිම් කිහිපයක රිද්මයන් ඇතුළත් කරමින් නිර්මාණය කර ඇත.
ගීත රචක එම්.එම්. කීරවානි සම්මානය ලබා ගනිමින් පැවසුවේ ගීතය “හැම ඉන්දියානුවෙක්ගේ ම ආඩම්බරය” කියායි. RRR “මාව ලෝකයේ ඉහළට ම ගෙන ගියා” යැයිද ඔහු එහිදී පැවසීය.


දකුණු ඉන්දීය ප්‍රාන්ත දෙකක බලවත් දේශපාලනඥයෙක් වන එන්. චන්ද්‍රබාබු නයිදු ට්විටර් සටහනක් තබමින් මෙම ගීතය “ඉතිහාසයේ තමන්ගේ තැන තහවුරු කරගත්තා.” යනුවෙන් පවසා ඇති අතර “මේක ඉන්දියානු සිනමාවේ කදිම අවස්ථාවක් වගේ ම ඒක තෙළිඟු දිනුමක් නිසා තවත් විශේෂයි.” යනුවෙන්ද ඔහු ලියා තිබුණි. ‘නාටු නාටු’ ගායන කරන එක්ගායකයකු වන කාලා බයිරාවා ‘ද හොලිවුඩ් රිපෝටර්’ වෙත පැවසුවේ “උප්පත්තියටම මුල්බැස” ඇති නිසා ගීතය සම්මානයට පාත්‍රවීමට තරම් වටිනා එකක් යනුවෙනි. “ලෝකය පුරා ම සිටින මිනිසුන් එකට එකතුවෙලා ඔවුන්ගේ සංස්කෘතිය සහ ඔවුන්ගේ කලා නිර්මාණ විධි ඉදිරිපත් කරන විට අනෙක් රටවල් සහ ජනතාව ඒවා අගය කිරීම ඔස්කාර්හි ඇති වඩාත් ම සුන්දර ම දෙය” ඔහු පැවසූ වඩාත් වැදගත්ම අදහසකි.


බයිරාවා සහ ඔහුගේ සහාය ගායක රාහුල් සිප්ලිගුන්ජ් උත්සවයේ දී ගීතයේ ඉදිරිපත් කිරීමක් ද කළ හ. ‘නාටු නාටු’ ගීතයට පසුගිය ජනවාරියේදී ‘ගෝල්ඩන් ගොල්බ්’ හොඳම ගීතයට හිමි සම්මානය හිමි විය. එය පළමුවරට ඉන්දියාවට හිමි වූ ‘ගෝල්ඩන් ගොල්බ්’ සම්මානයයි. එම මාසයේ දී ම, ‘ක්‍රිටික්ස් චොයිස්’ සම්මාන උළෙලේ හොඳම ගීතයට හිමි සම්මානය ද දිනාගත්තේ ය. චිත්‍රපටයේ ප්‍රධාන නළුවන් දෙදෙනා වන රාම් චරන් සහ NT රාමා රාඕ Jr මෙම ගීතයේ ජවසම්පන්න නර්තනය ඉදිරිපත් කරති. නර්තන ශිල්පීන් 150ක්, කාර්‍යමණ්ඩලයේ 200ක් සමඟින් දින 15ක් පුරා එම දර්ශන රූ ගත කිර ඇත්තේ යුක්ක්‍රේනයේ දර්ශනීය මැරින්ස්කි මාලිගය ඉදිරිපිටදීය. දිනකට පැය 12ක් පමණ ඒ වෙනුවන් කාලය ගත කර තිබුණි

රසිකා හේමමාලි