
තලේබාන් සංවිධානයේ සේනාංක වෙත ඇෆ්ඝන් අගනුවර කාබුල් වෙත ඇතුල් වීමට උපදෙස් ලැබුණි. ඒ ජනාධිපති අශ්රෆ් ඝානි රටින් පිටවීමත් පසු ය.
අද දහවල් කාබුල් නගර සීමාවට පැමිණ කාබුල් සරසවියද අල්ලාගත් පසු තලේබාන්වරු නගරට පහර දීම නවතා දැම්මෝය. ඉන්පසු ඔවුන් සහ ඝානි අතර බලය හුවමාරු වීම පිළිබඳ සාකච්ඡා ඇතිවිය. එයින් අනතුරුව ඝානි රටින් පිටවීමට එකඟ විය.
කාබුල් නගරයේ වැසියන්ගෙන් කොටසක් තලේබාන්වරුන් මිණීම පිළිබඳ ඉතා ප්‍රීතියෙන් පසුවන බව පෙනී යයි. මේ අතර ඇතැමුන් නගරයෙන් පළායාමට උත්සාහ කරනු දක්නා ලදී. නගරයේ බිත්තිවල ඇති චිත්‍ර මකාදමා සුදු පැහැ තීන්ත ආලේප කරන අවස්ථා ද වාර්තා වූයේ ය.
අද දින ඇමරිකන් තානාපති කාර්යාලය කාබුල් ගුවන් තොටුපල වෙත ගෙන එන ලද්දේ ය. රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් කියා සිටියේ මෙය 1975 දී සයිගොන්වලදී සිදුවූ පළායාම මෙන් නොවන බව ය.
ඡායාරූපය – තලේබාන් දූත පිරිස සාකච්ඡා සඳහා ජනාධිපති මන්දිරයට පැමිණි අවස්ථාවේ ඝානි විසින් ඔවුන් පිළිගත් අවස්ථාව
www.serendibpuwath.com වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී