අම්බලන්ගොඩදී මිනීමැරුමක්
ඊයේ (26) රාත්‍රීයේ පහරදීමකින් 42 හැවිරිදි පුද්ගලයකු බරපතළ තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුල් කිරීමෙන් පසු මියගොස් තිබේ. ඝාතනය සිදුව ඇත්තේ ඔහු පුද්ගලයින් දෙදෙනෙකු සමග අම්බලන්ගොඩ හිරේවත්ත වෙරළ ආසන්නයේ මත්පැන් පානය කරමින් සිටියදී තියුණු ආයුධයකින් පහරදීමෙනි. අනාවරණය වී ඇති ආකාරයට ඝාතනය සිදුව ඇත්තේ ආරවුලක් මත සිදුවූ පිහි ඇනුමක් මතයි.