සුරංගිත් එක්ක ජීවිතය විඳින්න සුරංගිත් එක්ක ජීවිතය

සුරංගි කොඩිතුවක්කු කියන්නෙ කලා ක්ෂේත්‍රයේ ඉන්න හැමෝම සමග හිත හොඳ කලා ශිල්පිනියක් කියලා ඔබ කවුරුත් දන්නවා. ඒ වගේම තමයි ඔබ, ඇය විසින් මෙහෙයවපු රූපවාහිනී වැඩසටහන් ගණනාවක් නරඹා තිබෙන්න පුළුවන්. නරඹමින් සිටිනවා වෙන්නත් පුළුවන්. මේ කොහොම වුණත් සුරංගි මීට දින කිහිපයකට ඉස්සෙල්ලා අලුත් වැඩකට අත ගැහුවා. ඒක හැබැයි වෙන කාගෙවත් වැඩක් නෙවෙයි. සුරංගිගේම වැඩක්. සුරංගි අලුතෙන් Youtube Channel එකක් පටන් ගත්තා Travel කරන්නම. ඉතින් ඔබටත් සුරංගිගේ  Youtube Channel එක  සමඟ සම්බන්ධ වුණොත් ඔබ නොගිහින් තිබෙන බොහෝ තැන් වලට ඇයත් සමඟ යන්න පුළුවන්. එහෙනම් හිතට වැදෙන තැන් බලන්න , සුරංගිත් සමඟ ජීවිතය විඳින්න ඔබත් සුරංගිගෙ Youtube Channel  එකට ගොඩවෙලා ම බලන්න.