දවසේ පුවත් සම්පිණ්ඩනය

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් ආසාදනය වේ.

චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සඳහා පරිත්‍යාග කළ සයිනොෆාම් කොවිඩ් -19 මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් ඇතුළු සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2.3ක් දිවයිනට ගෙන එයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද පර්යේෂණවල නවතම දත්ත වාර්තා අනුව මෙරට තුළ ඩෙල්ටා වයිරස් ප්‍රභේදය ආසාදිතයින් 292කු තහවුරු වී ඇති අතර එහි සීඝ්‍ර ව්‍යාප්තියක් කොළඹින් බව සොයාගනී.

කොවිඩ් -19 ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 2,203 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයි. වයිරසය ආසාදිතව සිට සුවය ලැබූ සංඛ්‍යාව 355,394 දක්වා ඉහළ නගී.

කොවැක්ස් පහසුකම යටතේ අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් පරිත්‍යාගකරයි.

අදාළ එන්නත් තොගය පරිත්‍යාග කර ඇති බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

මරණ දඩුවම නියම වී සිටි මොහොමඩ් නියාස් නවුෆර් නොහොත් පොට්ට නවුෆර් කොවිඩ් ආසාදිතව සිටියදී මියයයි.

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 818 දෙනෙකු හදුනාගැනීමත් සමග අද දිනයේ මෙරටින් හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4582 දෙනෙකු දක්වා ඉහළ යයි.

කොවිඩ් -19 වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලැබූ 2,203 දෙනෙකු රෝහල්වලින් පිටව යයි.

කොවිඩ් ආසාදිත මරණ 212 සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය 27 වනදා තහවුරු කිරිමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8583 දෙනෙකු දක්වා ඉහළ යයි.

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු වන එල්මෝ ගුණරත්න මහතා කොවිඩ් වයිරසය ආසාදනයෙන් අභාවප්‍රාප්ත වේ.

රොබර්ට් එෆ්. කෙනඩි ඝාතනය පිළිබඳ වසර 53 ක් සිරගතව සිටින සිර්හාන් සිර්හාන් වෙත කොන්දේසි සහිත නිදහස (parole) ලබාදීමට රෙකමදාරු කරයි.

රුසියාවේ කළු ගෙලෙන්ජික් නගරයේ වන සිට මොස්කව් වෙත පැමිණීමට නියමිත වූ ගුවන් යානයක බෝම්බයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් ලැබීම හේතුවෙන් එම යානය පිටත්වීමට පෙර නවත්වා පරික්ෂා කරයි.

කාබුල් ගුවන් තොටුපලෙන් හමුදාව ඉවත් කිරීම ඇරඹූ බව පෙන්ටගනය වාර්තා කරයි.

Scroll to Top