
ගබඩාවල සගවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 83,000 කට අධික ප්‍රමාණයක් මේවනවිට සිය භාරයට ගෙන ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසනවා. ඉන් සීනි තොග මෙට්‍රික් ටොන් 14,000 කට අධික ප්‍රමාණයක් වෙළඳපලේ අවශ්‍යතාව අනුව නිකුත් කර ඇති බවයි එහි නිලධාරියෙකු නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.
ව්‍යාපාරිකයින් 11 දෙනෙකු මෙරටට සීනි ආනයනය කරන අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල පිහිටි ඔවුන්ට අයත් ගබඩා 26 ක සගවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 83,000 ක් ඉකුත් දා සොයා ගැනුණා.
ඉකුත් සමයේ රටතුළ සීනි හිගයක් පවතින බවට හගවමින් සීනි ආනයනකරුවන් සිය සීනි තොග සගවා තිබුණා.
රජය විසින් සීනි සඳහා පාලන මිලක් නියම කිරීමත් සමග සගවා තිබූ එම සීනි තොග සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයේ නිලධාරීන් මෙහෙයුම් දැඩි කරමින් මෙම සිනි තොග සිය භාරයට ගනු ලැබුවා. මේවනවිට ප්‍රදේශ රැසක සීනි පාලන මිලට අලෙවි වන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ.
ඉකුත් දා පොළොන්නරුවේ පිහිටි සහල් මෝල් හිමිකරුවන්ට අයත් ගබඩාවලින් ලබාගත් සහල් තොග ද මේවනවිට වෙළඳපල වෙත නිකුත් කර තිබෙනවා. සහල් මෙට්‍රික් ටොන් අට ලක්ෂ 7,375 ක් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයේ නිලධාරීන් විසින් මෙහිදී සිය භාරයට ගනු ලැබුවා.
එම සහල්තොග සතොස සහ සමූපකාර අලෙවිසැල් සහ සුපිරි වෙළඳසැල් වෙත ලබාදී ඇති අතර ඊට අමතරව දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ද ඒ ඒ ප්‍රදේශවලට අවශ්‍ය වන පරිදි සහල් තොග ලබාදී තිබෙනවා.