රුපියල් 130 ක උපරිම සිල්ලර මිලට සීනි අද සිට

සතොස අලෙවිසැල්වලට අමතරව සමූපකාර අලෙවිසැල් සහ බජට් ෂොප් හරහා රුපියල් 130 ක උපරිම සිල්ලර මිලට සීනි අලෙවි කිරීම අද සිට ආරම්භ වනවා. 

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසුවේ ඒ සඳහා අවශ්‍ය සීනි තොග ඉකුත් දින කිහිපයේදීම අදාළ අලෙවිසැල් වෙත බෙදාහැරීම සිදුකළ බවයි.