
කොළඹ විශ්වවිද්‍යාලය තුළ සිට 750 දෙනෙකුගෙන් පමණ පිරිසක් රජයට එරෙහිව විරෝධතා දක්වමින් කැරළිකාරී ලෙස හැසීමට උත්සාහ දරන බවට තොරතුරු ලැබී ඇති බැවින් ඊයේ (12) රාත්‍රියේ සිට, කොළඹ නගරයේ ස්ථාන කිහිපයක ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
ඒ අනුව කොළඹ නිදහස් චතුරාස්‍රය අවට, කොල්ලුපිටිය මංසන්ධිය අවට සහ අරලියගහ මන්දිරය අවට ද ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි.
මේ හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශයට පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය, පොලිස් කැරළි මර්දන ඒකකය සහ ත්‍රිවිධ හමුදාව කැඳවා තිබෙන අතර ඊට අමතරව ගිනි නිවන රථද කැඳවීමට පියවර ගෙන තිබුණි.