කැබිනට් තීන්දුව පිළිගන්නේ නෑ – වර්ජනය දිගටම

කැබිනට් මණ්ඩලය ඊයේ දිනයේදී යෝජනා කළ රුපියල් 5000 ක දීමනාවක් ලබාදීම පිළි නොගන්නා බව ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් මහතා පවසයි.

අද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ තම සංගමය ඉදිරිපත් කළ කිසිදු යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන නොමැති බවයි.

ඒ අනුව ගුරු වර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බවද ඒ මහතා සදහන් කරයි.

“ගුරු විදුහල්පතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට ගියේ සුබෝධනී කමිටුවේ වාර්තාව ක්‍රියාත්මක කරන්න කියලා. අපිට රුපියල් 5000 ක දීමනාවක් වුවමනා නැහැ. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ ගුරුවරුන්ට බොරු පොරොන්දු දෙන්නේ නැතිව සුබෝධනි කමිටු වාර්තා ක්‍රියාත්මක කරලා ඒ වාර්තාවේ තියෙන විදියට ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් ලබා දෙන්න කියලා.”