රාජ්‍ය ආයතනවල අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් නතර කරන්න

සියලු අමාත්‍යාංශය සහ රාජ්‍ය ආයතනවල අමතර වියදම් අඩුකර දැඩි මුල්‍ය විනයක් පවත්වාගෙන යන ලෙස මුදල් අමාත්‍යවරයා ඊයේ (30) කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය ආයතනවල අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් තිබේ නම් ඒවා නතර කිරීමටත් එසේම කාර්ය මණ්ඩල සඳහා අනවශ්‍ය දීමනා ලබාදෙනවා නම් ඒ පිළිබඳව අවධානය යොමු කිරීමටද එහිදී තීරණය වූ බවයි සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ.