පාසල් ආරම්භ කිරීම ගැන සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරි කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා,

ඒ අනුව මුලික කරුණු දෙකකක් යටතේ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.

මෙහිදී පළමු අදහස ලෙස 7-13 දක්වා පන්ති විවෘත කිරීම හෝ පෙර පාසලේ සිට 01, 02, 03 , 04 යනාදී පන්ති විවෘත කිරීම යන කරුණු දෙක මත පාසල් විවෘත කිරීමේ තීරණය ගැනීමට නියමිත බව අමාත්‍යවරයා අදහස් දැක්වුවා.