
එරට අග්‍රාමාත්‍යවරිය නිවේදනය කලේ වසර 10ක් එරට රැඳී සිටින මෙම ශ්‍රී ලාංකිකයා එල්ල කල ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් ඔහු මෙලෙස පොලිස් වෙඩි ප්‍රහාරය හමුවේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
අදාළ පුද්ගලයා විසින් ඕක්ලන්ඩ් හි වෙළඳසැලක සිටි පිරිසකට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර මෙම සිදුවීමෙන් පුද්ගලයින් 6කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ප්‍රහාරකයා අයි.එස් මතවාදය දරණ ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමියෙක් වන අතර ඔහු සම්බන්ධයෙන් නිරන්තරයෙන් අධීක්ෂණය කරමින් සිටි බවයි එරට අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.
මෙම ප්‍රහාරකයා සම්බන්ධයෙන් පසුගිය වසර 5 තුළ එරට පොලීසිය අවධානයෙන් සිට ඇති අතර ඔහු ප්‍රහාරය දියත් කර තප්පර 60 ක් තුළ ඔහු ඝාතනය කිරීමට එරට පොලීසිය සමත් වී තිබෙනවා.
ප්‍රහාරය සිදු වූ අද දිනයේද ඔහු පසුපස පොලීසිය ගොස් ඇති අතර ඔහු සාප්පු සවාරි යාම සඳහා වෙළඳසැලට ගොස් ඇති බවට පොලීසිය සිතා තිබෙනවා.
අදාළ ප්‍රහාරකයා ඉන්පසු පිහියක් ගෙන මිනිසුන්ට ඇනීමට පටන්ගෙන ඇති අත තප්පර 60 ක කාලයක් තුළ පොලීසිය විසින් ප්‍රහාරකයා ඝාතනය කළ බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කළේ.
මෙම ප්‍රහාරකයා තනිව ක්‍රියා කරන පුද්ගලයෙක් බවට එරට ආරක්ෂක අංශ හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.