
ඇෆ්ගනිස්ථානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 66 දෙනෙකු අද වනවිට ඉවත් කරගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, තවත් ශ්‍රී ලාංකිකයින් 07 දෙනෙකු එරටින් ඉවත් කර ගැනීමට ඉතිරිව සිටින බවය.
ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙකු තවදුරටත් ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටීමට තීරණය කර තිබේ.
ගමන් කිරීම සඳහා අවසරය ලැබී ඇති සියලුදෙනාට ආරක්ෂිතව හා විධිමත් ලෙස පිටවීමේ ස්ථාන දක්වා ගමන් කිරීමට මෙන්ම ඇෆ්ගනිස්ථානයෙන් පිටත්වීම සඳහා අවසර දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානයේ ප්‍රවණතා පිළිබඳව අඛණ්ඩව නිරීක්ෂණය කරන අතර මානුෂීය අංශය ඇතුළුව එහි පවතින තත්ත්වය පිළිබඳව සැලකිල්ලෙන් පසුවන බවය.