ප්‍රථම එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග 3 කින් සමන්විත වන එක්දින තරගාවලියේ පලමු තරගයෙන් ලකුණු 14 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පන්දු ඕවර 50 අවසානයේ දී ලකුණු 300 ක් වාර්තා කිරීමට සමත් විය. අවිශ්ක ප්‍රනාන්දු පන්දු 115 කදී ලකුණු 118 ක් ද චරිත් අසලංක පන්දු 62 කදී ලකුණු 72 ක් ද ධනංජය ද සිල්වා පන්දු 62 කදී ලකුණු 44 ක්ද ලබා ගැනීමට සමත් විය. කගිසෝ රබාඩා සහ කේශව් මහාරාජ් කඩුලු දෙක බැගින් බිද හෙලීය.

ලකුණු 301 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඒඩ්‍රියන් මැක්‍රාම් පන්දු 90 කදී ලකුණු 96 ක්ද වැන් ඩ ඩුසේන පන්දු 59 කදී ලකුණු 59ක් ද ලබා ගැනීමට සමත් වුවද ශ්‍රී ලංකා දග පන්දු යවන්නන්ගේ පන්දු යැවීම හමුවේ ලකුණු 14 ක පරාජයක් උරුම විය. අකිල ධනංජය කඩුලු දෙකක් ද වනිදු හසරංග, ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න එක කඩුල්ල බැගින් ද බිද හෙලනු ලැබී ය.

මේ අතර දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා ආබාධයකට ලක් වීම නිසා පිටියෙන් ඉවත් වීමට සිදු වීමට මෙම පරාජය සදහා බලපෑමක් වූ බව විචාරක මතයයි.

දෙපිල අතර දෙවැනි එක්දින තරගය අනිද්දා ආර්. ප්‍රේමදාස පිටියේ දී ම දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වේ.