ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව පලමු තරගය T20 අද

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පලමු වන එක්දින තරගය අද රාත්‍රි 7.30 ට ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ. දගපන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරුවක් සකසනු ඇති බවටත් වර්ෂාවෙන් වරින් වර බාධා ඇති වනු ඇති බවටත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. දසුන් ශානක සහ කේෂව් මහරාජ් දෙපිල මෙහෙයවනු ඇත. ලෝක කුසලානයට පෙර දෙපිලටම ලැබෙන ප්‍රධාන කණ්ඩායමක් සමග සිදු කරන අවසන් තරගාවලිය මෙයයි. 

මේ අතර ලෝකයේ හොදම විස්සයි විස්ස යවන්නන් දෙදෙනා අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය. දකුණු අප්‍රිකානු පිලේ ශම්සි පලමුවන ස්ථානයේ ද ශ්‍රී ලංකා පිලේ වනිදු දෙවන ස්ථානයේ ද විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් වල පසු වේ.

අසනීප තත්වයෙන් පසුව ප්‍රථම වරට මෙම තරගාවලියේ කුසල් ජනිත් පෙරේරා තරග වැදීමට නියමිත අතර රමේෂ් මෙන්ඩිස් මෙම තරගයට නම් කරනු ඇති බවට වාර්තා වෙයි. දකුණු අප්‍රිකානු පිලේ ප්‍රබල පිතිකරු ඩේවිඩ් මිලර් ප්‍රථම වරට මෙම තරගාවලියට එක් වීමට නියමිතයි.