දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

ක්‍රීඩකයින් 22ක් සංචිතයට ඇතුළත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය නිකුත් කරමින් පවසයි.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය ද මෙම සංචිතයට හිමිව ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකය හිමිව ඇති අතර උප නායකත්වය දරනු ලබන්නේ ධනංජය ද සිල්වා විසිනි.

සංචිතය මෙසේය.

1) දසුන් ශානක (නායක)
2) ධනංජය ද සිල්වා (උප-නායක)
3) කුසල් ජනිත් පෙරේරා
4) දිනේෂ් චන්දිමාල්
5) අවිශ්ක ප්‍රනාන්දු
6) භානුක රාජපක්ෂ
7) පැතුම් නිස්සංක
8) චරිත් අසලංක
9) වනිඳු හසරංග
10) කමිදු මෙන්ඩිස්
11) මිනෝද භානුක
12) රමේෂ් මෙන්ඩිස්
13)චාමික කරුණාරත්න
14) නුවන් ප්‍රදීප්
15) බිනුර ප්‍රනාන්දු
16) දුෂ්මන්ත චමීර
17) අකිල ධනංජය
18) ප්‍රවීන් ජයවික්‍රම
19) ලහිරු කුමාර
20)ලහිරු මධුෂංක
21) පුලින තරංග
22) මහේෂ් තීක්ෂණ

තරගාවලිය සැප්තැම්බර් මස දෙවනි දා ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය සම්බන්ධව විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරන කුමාර් ධර්මසේනගේ ප්‍රවෘත්තිය පහතින්
https://ratawata.com/kumar-dharmasena-hair-style/