
දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද (09) පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස මෙම තරගය පැවැත් වෙයි.
ප්‍රථම තරගයට ක්‍රීඩා කල කණ්ඩායම ම මෙම තරගයට ක්‍රීඩා කරනු ඇති බවට විස්වාස කෙරේ. ප්‍රථම තරගයේ දී ආබාධයට ලක් වූ දකුණු අප්‍රිකානු පිලේ නායක ටෙම්බා බවුමාට සමස්ථ තරගාවලියටම ක්‍රීඩා කිරීමේ අවස්ථාව නොමැති බව වාර්තා වෙනවා. කොන්ටම් ඩි කෝක්, ඩේවිඩ් මිලර්, ලුන්ගි නිගිඩි වැනි ක්‍රීඩකයින් ක්‍රීඩා නොකරන මෙම එක්දින තරගාවලියේ දකුණු අප්‍රිකාවේ නවක මුහුණු කීපයක්ම තරග වැදීමට නියමිතයි. කගිසෝ රබාඩා මෙම කණ්ඩායමේ අත්දැකීම් වැඩිම ක්‍රීඩකයා වෙනවා.
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම 1-0 ක් ලෙස තරඟාවලියේ පෙරමුණ ගෙන සිටියි.