
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පලමු තරගය මේ වන විට ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රි තරගයක් ලෙසින් පැවැත්වෙනවා.
එහිදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිල මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කරා. මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල තම පන්දුවාර 50 අවසානයේ දී කඩුලු නමයක් දැවී ලකුණු 300 ක් වාර්තා කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අගනා ශතකයක් රැස් කල අවිශ්ක ප්‍රනාන්දු පන්දු 115 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 118 ක්ද චරිත් අසලංක පන්දු 62 කදී හයේ පහර 1 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 72 ක්ද ධනංජය ද සිල්වා පන්දු 62 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 42 ක් ද රැස් කිරීමට සමත් විය. කගිසෝ රබාඩා සහ කේශව් මහාරාජ් කඩුලු 2 බැගින් බිද හෙලීමට සමත් විය.