ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානය දක්වා ඉදිරියට

දකුණු අප්‍රිකානු කණ්ඩායම පරදවා ලැබූ එක්දින තරඟාවලි ජයග්‍රහණයත් සමඟ 2‍023 ICC ලෝක කුසලාන සුපර් ලීග් තරඟාවලි ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. මේ වනවිට ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 42 කි.

එංගලන්තය තරඟ 15 ක් ක්‍රීඩා කර තරඟ 09 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 95 ක් සහිතව ප්‍රසාද ලකුණු සටහනේ මුල් තැන හිමි කරගෙන ඇත. දෙවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ බංගලාදේශ කණ්ඩායමය. ඔවුන් තරග 12 ක් ක්‍රීඩා කර ඉන් තරග 08 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 95 ක් හිමි කරගෙන ඇත. ඕස්ට්‍රේලියාව තරඟ 09 ක් ක්‍රීඩාකර තරඟ 06 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 60 ක් සහිතව ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන තැන හිමි කරගෙන ඇත.