
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති දෙවෙනි එක්දින තරගයෙන් ලකුණු 67 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.
වරින් වර වර්ෂාවෙන් බාධා වූ තරගයේ ශ්‍රී ලංකාවට පන්දුවාර 41 කදී ලකුණු 265 ක ඉලක්කයක් ලැබුනු අතර ශ්‍රී ලංකාව පන්දුවාර 36 පන්දු 4 කදී සියලු දෙනා දැවී ලකුණු 197 ක් වාර්තා කලා. චරිත් අසලංක ලකුණු 77 ක් වාර්තා කල අතර චාමික කරුණාරත්න ලකුණු 36 ක්ද නායක දසුන් ශානක ලකුණු 30 ක්ද වාර්තා කරන ලදී. දකුණු අප්‍රිකානු පිලේ ශම්සි කඩුලු 5 ක් බිද හෙලීමට සමත් විය. කගිසෝ රබාඩා කඩුලු දෙකක් බිද හෙලීය.
ඒ අනුව තරගාවලිය 1-1 ලෙස සම විය. දෙපිල අතර තුන්වැනි සහ අවසන් එක්දින තරගය සැප්තැම්බර මස හත්වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රි තරගයක් ලෙසින් පැවැත්වේ.