ශ්‍රී ලංකා පිලට ලකුණු 284 ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවෙනි තරගය අද ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ උනා. වැස්සෙන් බාධා ඇති වූ තරගය ආරම්භය පමා වූ අතර තරගය පිලකට ඕවර 47 කට සීමා උනා.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 47 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 283ක් රැස් කිරීමට සමත් විය. පෙර තරගයේදී ආබාධයට මුහුණ දීම නිසා නිත්‍ය නායක ටෙම්බා බවුමා මෙම තරගය සදහා ක්‍රීඩා නොකරන අතර කේෂව් මහරාජ් තරගයේ නායකත්වය දරයි. ජේ. මාලන් අගනා ශතකයක් රැස් කල අතර හෙන්ඩ්‍රික්ස් ලකුණු 51 ක් ද ක්ලාසන් ලකුණු 43 ක්ද රැස් කිරීමට සමත් විය.

දුෂ්මන්ත චමීර සහ චාමික කරුණාරත්න කඩුලු දෙක බැගින් බිද හෙලූ අතර වනිදු හසරංග සහ ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් බිද හෙලනු ලැබුවා.