නිදහස් පක්ෂය රජයෙන් ඉවත්වේ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත් වීමට නිල වශයෙන් තීරණය කර තිබෙන බව දැනගන්නට ලැබේ. ඒ අනුව පාර්ලිමේන්තුව ආරම්භ කල වහාම ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට දන්වනු ඇත. කෙසේවෙතත් අමාත්‍යධූර දරණ නිදහස් පක්ෂ සාමාජිකයින්ට ඉන් ඉවත් වීම හෝ තවදුරටත් තනතුරු වල රැඳී සිටීමේ තීරණය අදාල සාමාජිකයින්ටම පවරා ඇති අතර, රජයෙන් ඉවත් වන සෙසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බවද ආරංචි වේ.

අද පැවති නිදහස් පක්ෂ ඉහළ පෙළේ සාකච්ඡාවකදි ඉහත යෝජනාව සිදුකර ඇති අතර නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා එම යෝජනාව අනුමත කර තිබෙන බවද දැනගන්නට ලැබේ.