ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සමරු මුහුණු ආවරණ දස දහසක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය වෙනුවෙන් සිදු කරන ලද කටයුත්තක් ගැන දයාසිරි ජයසේකර මහතාගේ මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද පණිවිඩයක් දැක්වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොවිඩ් අරමුදලට ආධාර පිණිස පක්ෂයේ 70වන සංවත්සරය නිමිත්තෙන් සමරු මුහුණු ආවරණ දස දහසක් (10,000), පක්ෂයේ උප සභාපති, කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මහතාගේ අනුග්‍රාහයෙන් අද (02)දින පක්‍ෂ සභාපති, හයවන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙතද පිරිනමන ලදී. මෙම සමරු මුහුණු ආවරණ පක්ෂයේ ආසන සංවිධායකවරුන්, පළාත් පාලන නියෝජිතයින් සහ පක්‍ෂ සාමාජිකයන් අතරේ අලෙවි කර එයින් ලැබෙන මුදල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොවිඩ් අරමුදලට බැර කිරීමට නියමිතයි.