SLC Invitation T20 League අවසන් තරගය 24 දා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ආරාධිතයන්ගේ විස්සයි විස්ස ලීගය (SLC INVITATIONAL T20 LEAGUE) අවසන් මහා තරගය අගෝස්තු 24 වෙනි දා රාත්‍රී තරගයක් ලෙසින් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමාන විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායම් වල නායක දසුන් ශානක නායකත්වය දරණ SLC Greys කණ්ඩායම සහ හිටපු නායක දිනේෂ් චන්දිමාල් නායකත්වය දරණ SLC Reds කණ්ඩායම් අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ඇත.

ඉදිරියේ දී පැවැත්වීමව නියමිත තරගාවලි සදහා කණ්ඩායම තෝරා ගැනීමේ පෙරහුරුවක් ලෙස මෙම තරගාවලිය සංවිධානය කර ඇත.

espncricinfo.com වෙබ් අඩවිය ඇසුරෙනි
Scroll to Top