T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය

2021 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය අද (12) නිළ වශයෙන් ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය මඟින් නිකුත් කරනු ලැබුවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මඟින් සැත්තැම්බර් 10 වෙනිදාට පෙර ලෝක කුසලානයට සහභාගි වන රටවල් වල සංචිත නිකුත් කළ යුතු බව සඳහන් වූවත් ශ්‍රී ලංකාව නිළ වශයෙන් සංචිතයට නිකුත් කරනු ලැබුවේ සැත්තැම්බර් 12 වෙනිදායි. මීට පෙර සඳහන් කළ සංචිතයේ අතිරේක ක්‍රීඩකයින් 4 දෙනා සමඟින් සිටි ක්‍රීඩකයින් 19 දෙනාම අද (12) නිකුත් කළ සංචිතයේ සිටින අතර, එම සංචිතයේ 15 දෙනා අතර සිටි අකිල ධනංජය හා බිනුර ප්‍රනාන්දු අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කර ඇති අතර, අතිරේක ක්‍රීඩකයින් ලෙස සිටි, නුවන් ප්‍රදීප් හා ලහිරු මධුසංක පහළොස් දෙනා ඇතුළට ගෙන තිබෙනවා. මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලබා ගැනීමේ වටය ක්‍රීඩා කිරීමට සිදුවී ඇති අතර, එම වටයේදී ශ්‍රී ලංකාව විසින්, අයර්ලන්තය , නෙදර්ලන්තය , නැම්බියාව යන රටවල් තුන සමඟින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව විසින් නිළ වශයෙන් නිකුත් කළ ශ්‍රී ලංකා සංචිතය

දසුන් ශානක

ධනන්ජය ද සිල්වා

කුසල් ජනිත් පෙරේරා

දිනේශ් චන්දිමාල්

අවිශ්ක ප්‍රනාන්දු

භානුක රාජපක්ෂ

චරිත් අසලංක

වනිඳු හසරංග

කමිඳු මෙන්ඩිස්

චාමික කරුණාරත්න

මහීශ් තීක්ශණ

ප්‍රවීන් ජයවික්‍රම

නුවන් ප්‍රදීප්

දුශ්මන්ත චමීර

ලහිරු මධුසංක

අතිරේක ක්‍රීඩකයින් 4 දෙනා

ලහිරු කුමාර

අකිල ධනංජය

බිනුර ප්‍රනාන්දු

පුලින තරංග