ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තීරණාත්මක එක්දින තරඟය අද

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරඟය අද (07) පැවැත්වීමට නියමිතව ඇ​ත.

අද තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිත අතර තරඟ 3කින් සමන්විත මෙම එක්දින තරඟාවලිය මේ වන විට එකට එකක් ලෙස සම තත්ත්වයේ පසුවෙයි.

මේ අතර දෙවන තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූ චරිත් අසලංක කියා සිටියේ පෙර තරඟයේදී තමා ඇතුළු කණ්ඩායමෙන් පන්දු රැකීමේ අඩුපාඩු වූ බවයි. මේ පිළිබඳව වැඩි අවධානය යොමු කර කණ්ඩායමේ සියලුම දෙනා තනි තනිව තමන්ගේ උපරිමයටත් වඩා 10%ක් වැසියෙන් මීළඟ තරඟයේදී ලබාදෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 

පන්දු රැකීමෙන් සිදු වූ අඩුපාඩු හදාගෙන මීළඟ තරඟය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කන්ඩායම සිය උපරිමය ලබා දෙන බවටත් ඔහු පැවසුවේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කෙරෙනු ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි. පෙර තරග දෙකෙ දී ලකුණු අතර නොසිටි භානුක රාජපක්ෂ වෙනුවට දිනේෂ් චන්දිමාල් හෝ කමිදු මෙන්ඩිස් ද අකිල ධනංජය වෙනුවට පුලින තරංග ද ක්‍රීඩා කරනු ඇති බවට ඉගි පල කර තිබුනා.