
සමගි ජන බලවේගයේ සියලුම මන්ත්‍ර්‍රීවරුන් සිය මන්ත්‍රී වැටුප කොරෝනා මර්දනයට ලබා දීමට තින්දු කර ඇත.
ඒ අනුව පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් සිය වැටුප පරිත්‍යාග කිරීමට සූදානම් බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත දැනුම් දී ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ද ලැබුණු ආධාර මත මීට පෙර සකස්කළ මන්ත්‍රී අරමුදල සදහායි මෙම වැටුප් ලබා දීමට තීරණය කර ඇත්තේ.
ඒ අනුව කොවිඩ් ආසාදිතයින් සදහා අවශ්‍ය වන ඔක්සිමීටර සහ වෙනත් උපකරණ මිලදී ගැනීමට මෙම අරමුදල භාවිත කිරීමට අපේක්ෂා කරන බවයි පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියා සිටියේ.