
රට පුරා සීඝ්‍රයෙන් කොවිඩ් වසංගතය පැතිරයාම නිසාඅ තමන් විසින්ම නගර වසා දමමින් වෙළඳසල් වසා දැමීමට නගර 31ක වෙළඳසැල් හිමියන් සහ නාගරික වෙළඳ සංගම් තීරණය කර ඇත.
ත්‍රිකුණාමලය නගර සභා සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, කෑගල්ල, හලාවත, අම්පාර, වෙන්නප්පුව, කැකිරාව, මොණරාගල, දිවුලපිටිය, දැරණියගල, ඌරගස්මංහන්දිය, වාද්දුව, බාඳුරාගොඩ, රිකිල්ලගස්කඩ සහ අලව්ව යන නගර මෙන්ම, යාපනය කොඩිකාමම්හි වෙළඳ සංකීර්ණය ද අද දින සිට වසා දැමීමට නියමිතව ඇත.
ඇතැම් නගරවල වෙළඳසැල් සතියක කාලයක් සඳහාත්, තවත් නගරවල සති දෙකක් සහ තවත් ඒවා නැවත දැනුම්දෙන තුරු වසාදැමීමට ව්‍යාපාරිකයන් තීරණය කර ඇත.
ගම්පහ, අම්බලන්තොට, අම්බලන්ගොඩ, මරදගහමුල, වේයන්ගොඩ, දංකොටුව, සේරුනුවර, පලාපත්වල, උල්පත, තංගල්ල, බදුල්ල, බලංගොඩ, වලපනේ, බණ්ඩාරවෙල, ඇඹිලිපිටිය සහ මාතලේ යටවත්ත සේලක්කරය යන නගරවල මේ වන විටත් කඩ සාප්පු වසා දමා ඇති නගර වේ.
පැතිර යන කොවිඩ් අවදානමෙන් මිදීමට මෙම තීරණය ගත් බව එම වෙළඳ සංගම් පවසයි.